තාල 2012 ප්‍රසංගයේ මිහිර.. By None // 2012 අප්‍රේ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චන්න - උපුලී රංග කලා පදනම සෑම වසර පහකට වතාවක්ම ප්‍රසංගයක් පවත්වයි. මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය නර්තනයේ හරවත් මෙන්ම සොඳුරුතම ප්‍රවේශය සමග ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ආධ්‍යාත්මය ප්‍රකාශ කිරීමය. ඒ අදහස පෙරදැරිව මෙවරද එම අපූරු ප්‍රසංගය පැවැත්විණ. තාල 2012 නමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පසුගියදා පැවැති එම ප්‍රසංගය සැබැවින්ම දුර්ලභ ගණයේ එකකැයි සඳහන් කළොත් එය නැරඹූ සියල්ලෝම එකා හෙළා එය ප්‍රත්‍යක්ෂ කරාවි. චන්න - උපුලි සාඩම්බරයෙන් ඉදිරිපත් කළ තාල - 2012 යනු එකත් අතකට ශ්‍රී ලාංකීය නරඹන්නන්ට දැකගත හැකි වූ දුර්ලභ ගණයේ ප්‍රාසාංගික අත්දැකීම විඳගැනීමේ අපූරු අවස්ථාව අපටද ලැබීම වෙතින් අප අත් දුටුවේ සොඳුරුතම ආස්වාදයකි. ශ්‍රී ලංකාවේ අභිමානය, සෞන්දර්යය ගැන අපූරු නර්තන අංගයන් මැවූ චන්න - උපුලී රංගායතනයේ සිසු සිසුවියෝ තවත් විටෙක පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස ඔහුගේ සුමධුර මියැසි රිද්මයට නර්තනය කළෝය. ජනනාත්, වින්ද්‍යා මෙන්ම සමිතද, සෙස්සෝද කළ ඒ රංග වින්‍යාසයන් සැබැවින්ම වඩාත් ලාලිත්‍ය මෙන්ම නිර්මාණාත්මකය. චන්න-උපුලී පරපුරේ නව පුරුක අසේකා දියණිය පෑ හපන්කමද පැසසිය යුතුමය. ඒ සියල්ල වෙතින් ඔවුන් සපථ කළේ නර්තනය වෙතින් කළ හැකි දේ අපමණය කියා පමණක් නොව නිර්මාණශීලීව කළ හැකි දේ කෙතරම්ද කියාය. සැබැවින්ම මේ ප්‍රසංගය නැරඹූ සියල්ලෝම වාසනාවන්තයෝම යැයි සනිටුහන් කළ හැකිමය. එය නැරඹීමට නොහැකි වූ බොහෝ දෙනාගේ වින්දනය උදෙසා අපි මෙම තාල 2012 ප්‍රසංගයේ ඡායාරූප පෙළක් මෙලෙස පළ කරන්නෙමු. සටහන - ඡායාරූප / සඳුන් ගමගේ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත