තායිලන්තය හමුවේ ශ්‍රී ලංකා ටෙනිස් ක‍්‍රීඩකයෝ පසු බසිති
කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වු ඬේවිස් කුසලාන ටෙනිස් ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ තරගාවලියේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 162 වැනි ස්ථානයේ සිටින තායිලන්ත අංක එකේ ක‍්‍රීඩකයා වන දනායි වුඩම්චොක් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක විමුක්ත ද අල්විස් තරග වට 3-0 ක පරාජයක් ලැබීය. තරගයේදී 6/1, 6/1 සහ 6/2 ක් ලෙස වුඩම්චොක් ජය ලැබීය. ඒ අනුව කේවළ ඉසව් හතරකින් සහ යුගල ඉසව්වකින් සමන්විත තරගාවලිය ශ්‍රී ලංකාව ජය ලැබීමට යුගල ඉසව්ව සහ කේවළ ඉසව් දෙකම ජය ගත යුතුවේ.

