තායිලන්ත ටෙනිස් ක‍්‍රීඩකයෝ යුගල ඉසව්වත් ජය ගනිති


තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර කොළඹදී දැන් පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය දෙවැනි කොටසේ ටෙනිස් තරගාවලියේ අද (11) පැවැති යුගල ඉසව්ව ජයගත් තායිලන්ත ක‍්‍රීඩකයෝ තරග 3-0 ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලිය ජය ගැනීමට සමත්වුහ. යුගල ඉසව්වේදී දිනේෂ්කාන්ත තන්ගරාජ් සහ අම්රිෂ් ජයවික‍්‍රම පරදවා තායිලන්තයේ සන්චි රටිවටානා සහ වීරපොට් ඩොක්මික්ලි තරග වට 3/0 ක පහසු ජයක් ලැබුහ. දෙරට අතර තරග පහකින් සමන්විත තරගාවලියේ අවසන් කේවළ ඉසව් දෙක හෙට (12) කොළඹ ශ‍්‍රි ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.  තායිලන්ත ක‍්‍රීඩකයන් යුගල ඉසව්වේදී