(කටුනායක ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ )
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයත් චාන් ඕ චා මැතිතුමා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) තායිලන්ත ගුවන් හමුවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
දහවල් 2.45 ට පමණ පැමිණි විශේෂ ගුවන් යානයකින් මෙම සංචාරය සදහා අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය සරත් ෆොන්සේකා , වජිර අබේවර්ධන , ෆයිසර් මුස්තාපා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම තායිලන්ත දූත පිරිස 13 වැනිදා මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිතය .