තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත.
සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය කරමින් ජලය සහිත ස්ථාන වලදී කිමිදෙමින් පිටතට පැමිණීමට දරුවන්ට සිදුවිය.
එක් දරුවකු රැගෙන ඒමට කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහාය ලබා ගැණින. පිටතට පැමිණි දරුවන් චියැං රායි රෝහලයට රැගෙන යන ලදී.
මේ වන විට ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බැවින් මෙහෙයුම පැය 10කට පමණ තාවකාලිකව නතර කර ඇතැයි බලධාරීහු පවසති. අනෙක් දරුවන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රවීණ කිමිදුම්කරුවන් 90ක් ගුහාව තුළ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඔවුන්ගෙන් 40දෙනකු තායිලන්තයෙන් වන අතර විදේශීය කිමිදුම්කරුවන් 50දෙනකි. වෛද්‍යවරු කිහිපදෙනෙක් දරුවන් සිටි ස්ථානයට ගිය අතර ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර දුර්වල අය මුලින් රැගෙන ඒමට තීරණය කළේය.
හදිසි වර්ෂාපතන තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු ඇඟවූ හෙයින් මෙහෙයුම සැලසුම් කර තිබුණාට වඩා වේලාසනින් පටන් ගැනීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
(බීබීසී ඇසුරිනි -085)