තායි කෙල්ල කොකේන් එක්ක අල්ලයි


චොක්ලට් ගුලි ඇතුළේ රුපියල් දෙකෝටියක කොකේන් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ඔස්සේ පේරු බලා යාමට ආ සුරූපි තායි තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. කටුනායක රේගු පරිශ්‍රයේ දී ඇය අත්අඩංගුවටගෙන ඇත්තේ  ඔත්තුවක් අනුවය. කිලෝවකට වැඩි කොකේන් ඇය ගෙනා ‘චොක්ලට්‘ අතර තිබිණි.