
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ( Srettha Thavisin) මහතා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙක් පැමිණ සිටියහෙ
මෙම පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස , කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ ( Golden Book ) සටහනක් තැබීමට ද කටයුතු කළේය .




