තාප්පයේ වැඩි කෑල්ල කඩයි


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ අනවසරයෙන් ඉදිකරන ලද තාප්පය කඩා නියමිත නිර්ණායකයන් අනුව ඉදිකරන්නේ නම් සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ගාල්ල අධිකරණයේ පනවා ඇති නඩුව සමථයකට පත්කැර ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය් පැවති රැස්වීමක දී පුරාවිද්‍යා නිලධාරීහු එකඟ වූහ.

ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය කියා සිටියේ දේශපාලනය පසෙකින් තබා නීතිය රකින නිලධාරීන් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් නිර්ණායක නොසළකමින් ඉදිකැර ඇති තාප්පය වෙනුවට බාලිකා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා නිර්ණායක අනුව තාප්පයක් බැඳීමට අවසර ලබා දීමට ද පුරාවිද්‍යා නිලධාරීහු එකඟවූහ. ඒ අදාල නිර්ණායක විදුහල්පතිනියට ලිඛිතව ලබාදුන් අතර විදුහල්පතිනිය පොරොන්දු වූයේ තාප්පයේ වරද කඩිනමින් නිවැරදි කරන බවයි. පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ තාප්පය උසින් වැඩි බවයි.

අනවසර තාප්පයට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුවකට පෙනී සිටින ලෙස 17 වැනි දා උසාවි එන ලෙස සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සිතාසි භාර දී තිබිණි. පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ නඩුව සමථයකට පත්කිරීමටනම් 17 දා ට පෙර අදාල උපදෙස් ක්‍රියාත්මක කළ යුතු බවයි.

P1020104