(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මයිලගස්හන්දිය ප්‍රදේශයේ නිවසක් වටා ඉදිකර තිබු තාප්පයක් ඇඟ මත කඩා වැටිමෙන් වයස අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (24) මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මියගිය දරුවා සිය සොයුරිය සමඟ නිවසේ ගෙවත්තේ තාප්පය අසල සෙල්ලම් කරමින් සිටියදි තාප්පය ඇඟ මත කඩා වැටි ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලබා සිටි මෙම දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
මෙම සිද්ධියෙන් මියගිය දරුවාගේ සොයුරියට අනතුරක් සිඳුව නොමැති බවද මේ පිලිබඳව පරික්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය සඳහන් කළේය.

