
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට අඩි තිහක් පමණ උසින් යුත් තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉෂාරා ශාමලී නැමැති නමැති වයස අවුරුදු 22ක තරුණියකි.
තුවාල ලබා ඇත්තේ ඇයගේ මව සහ සහෝදරයෙක් බව පොලීසිය කියයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් නිළධාරියෙකු පැවසීය.


