තානාපතිනිය බටර් ගායි


මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්  කළ යුතුයැයි ඉදිරිපත් කළ යෝජනාව ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වෙනත් අවස්ථා වලදීත් සිදුවී ඇත්තාක් මෙන් රටක ගැටලූකාරී අවස්ථා පැන නැගී ඇත්නම් ඒවා විසදා ගැනීමේ අරමුණින් කි්‍රයාවට නැංවුනු වැඩසටහන් ගොන්නට ඇතුළත් වන එකක් යැයි ශී්‍රලංකාවේ ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය පවසයි.

ඇමරිකාව වුවමනාවෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේයැයි ඇතැමුන් නඟන ප්‍රකාශයන් පදනම් විරහිත බවත් ඇය කියයි.

මේ කරුණ අරබයා ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශවයන් දැන් දෙපිළ බෙදී සිටින්නේයැයි ඇමරිකාවට ඇගිල්ල දිගු කිරීමට තවත් සමහරු කටයුතු කරන බවත් තම දැනීමට අනුව නම් එම පාර්ශවයන් සියල්ල පිල් ඛෙදී සිටියේ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයකට පෙර සිට බව ඇය පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු යෝජනාව අනුව අන්තර්ජාතික මට්මෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට ඉඩ දීමට ශ්‍රී ලංකා රජයට සිදුවේ.

ශී්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර තිඛෙන අතර අන්තර්ජාතික විචාරකයින් පවසන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගත් කරුණු කාරණා කි්‍රයාවට නැංවීමේදී ඒ සදහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු සහයක් නොලැඛෙන බවක් පෙනෙන්නට ඇති බවයි.

ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය ශ්‍රී ලංකා රජය නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝශීභාවය පෙන්වා දීමට වහා පියවර ගත යුතුයැයි පවසා සිටී.ඇයට අනුව ස්ථීරසාර සංහිදියාවක් ඇති කිරීම සදහා ශී්‍රලංකා රජය තවමත් නිසි පියවර ගෙන නොමැත.

එක්සත් ජාතීන්ගේ හා වෙනත් අන්තර්ජාතික නියෝජිතයින් හමුවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වන තර්ජනයන් ගැනත් තමන් විමසිලිමත් බව ඇය පවසයි.මානව හිමිකම් සුරැකීමට ඉදිරිපත්ව සිටින්නවුන්ට එසේ සැළකීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව ඇය කියයි.