තානාපති සේවා තව දෙරටකට


ඇෆ්ගනිස්තානයේ සහ සී ෂෙල්ස් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාල අරඹන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද සීෂෙල්ස් හි වික්ටෝරියා නුවර නව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයත් ළඟදීම ස්ථාපිත කෙරෙනු ඇත.
මීට අමතරව ලබන වසරේදී ඉන්දියාවේ කල්කටාහි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග විදේශ අමාත්‍යාංශය විසින් ගෙන ඇත. මේ අතර මෙම වසරේදී විදේශ අමාත්‍යාංශය නයිජිරියාවේ සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල දෙකක්ද, බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද,  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක්ද විවෘත කළේය.