රුසියා තානාපති කාර්යාලයයේ සේවය කරමින් සිටිය දී මිය 2014 ජුනි 11 වැනි දා අභිරහස් ලෙස මිය ගිය නොයෙල් රණවීර (34) ගේ සිරුර අත්තනගල්ල වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේ දී අද ගොඩ ගත්තේය.
අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස් අභයගුණවර්ධන මහතා ඉදිරියේ, රාගම විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳුන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් එය ගොඩ ගැනිනි.
සිරුර රාගම රෝහල වෙත ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වඩ බලන මහේස්ත්‍රාත් නියෝග කළේය.
ගොඩ ගන්නා විට සිරුර ඒ ආකාරයෙන්ම තිබෙනු දක්නට ලැබිණි. මියගිය පුද්ගලයාගේ සහෝදරිය මිනිය ගොඩ ගනිද්දී විලාප තබමින් හැඩුවාය. රණවීර මහතාගේ මව වන ජොසපින් නෝනා මහත්මිය දරා ගත නොහැකි ශෝකය නිසා දේහය දැක බලා ගැනීමට නොපැමිණ ඈතින් සිටිනු දක්නට ලැබිණි.
රුසියානු තානාපති කාර්යාලයයේ සේවය කරමින් සිටිය දී 2014 ජුනි 11 වැනි දා දකුණු රුසියාවේ ‘රොස්ටම් මෙන් ඩොන්‘ නගරයේ දී නොයෙල් රණවීර (34) අභිරහස් ලෙස මිය ගොස් තිබිණි.
එවකට තානාපතිවරයා ලෙස සිටි උදයංග වීරතුංග මහතා නොයෙල් රණවීරගේ සිරුරද රැගෙන මරෙටට පැමිණ සිරුර භූමදානය කර තෙක්මිය ගිය අයගේ නිවසේ රැඳී සිටි අතර ඒ සමග මරණය සම්බන්ධයෙන් ඥාතීන්ට සැකයක් ඇති විය.





