තානාපති වැසිකිළිත් හෝදයි
පසුගිය 26 හා 27 යන දිනයන් හිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මිලානෝ නුවරදී කුලියට ගත් ස්ථානයක ජංගම සේවයක් පැවැත්විය. 1200කට අධික ශ්‍රී ලාංකිකයෝ එහි සේවා ලබාගත්හ. තානාපති අසිත පෙරේරා මහතා ද එහි කුදු මහත් වැඩට එක්විය. අපිරිසිදු වූ කාමර හා ශාලාවත්, වැසිකිළියත්, පිරිසිදු කිරීමට තානාපති ද සිය සේවකයන් සමග එක්විය.

