
(අජන්ත කුමාර අගලකඩ)
විදේශ තානාපති කාර්යාලවලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පසුගිය ආණ්ඩුව සමයේ පත්කර යවා ඇති කම්කරු සුබ සාධක නිලධාරීන් 120 දෙනෙකු වහාම ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.
මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුනරාවර්තන වියදම් වෙන් කිරීමේ වැඩපිළිවෙළක්ද කියාවට නැංවීමට කම්කරු අමාත්‍යාංශයෙන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යන සේවක පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් තවකාලිකව වසා දැමීමට ද ඒ අනුව තීරණය කර ඇතැයි දැන ගන්නට ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන සේවක පුහුණු මධ්‍යස්ථානවලින් 10 ක් පමණ පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැගිලිවල බවත් ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වැයවන බවත් වාර්තා වේ.

