තාජුඩීන්ගේ සිරුරේ කොටස් නැති බව උසාවියට දන්වයි


රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී  සිරුරෙන් ලබාගත් කොටස් හා එක්ස්රේ කොටස් සොයාගැනීමට නැතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් තෙන්නකෝන් පැමිණිලි කළ බව රහස් පොලිසිය අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ සිරුරෙන් ඉවත්කළ කොටස් සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරගේ වාර්තාවේ සඳහන් පරිදි එම කොටස් මෘත ශරීරාගාරයේ හෝ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිශීතකරණයේ හෝ ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

එම කොටස් දොස්තර සමරසේකර බාරයේ ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස එම මරණ පරීක්ෂණයට සහභාගීවූ දොස්තර රාජගුරු ඔහුගෙන් ඉල්ලා ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවියේ තීන්දුවක් ඉල්ලා සිටියේය.