තාජුඩීන්ගේ රිය අනතුර සිදුවූ තැන පරීක්ෂාවට


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ රිය අනතුරට පත්වූ නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානය රහස් පොලිසිය ඇතුළු අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ පරීක්ෂණයට අද (24) ලක් කෙරුණි.

2002 වසරේ මැයි මාසයේදී එම ස්ථානයේදී සිදුවූ රිය අනතුරකින් වසීම් තාජුඩීන් මිය ගිය බවට පොලිසිය වාර්තා කළ අතර පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

ඒ අනුව පසුගිය අගෝස්තු මුල් සතියේ තාජුඩීන්ගේ සිරුර ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටද පියවර ගැනිණි.

web1thaju_20158251 web1thaju_20158252

(ඡායාරූප බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන්ගේ ට්විටර් අඩවියෙනි)

salika_20158251 salika_20158252 salika_20158253

ඡායාරූප - ඉෂංක සුනිමල්