තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දෙන්නැයි නියෝග



(නිමන්ති රණසිංහ)

රගර් ක්‍රිඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය වු හැව්ලොක් මාර්ගයේ ඇති නිවාස වල සවිකර තිබූ සි සි ටි වි කැමරා දර්ශන සහිත ඩි වි ඩි තැටි දෙකක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකයේ විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.


මරණකරුගේ  සොහොයුරිය වු ෆතීමා අයේෂා තාජුඩීන් යන අය විසින් ඉකුත් වසරේ ජුලි මස 08 වැනිදා තමන් වෙත ලබාදුන් සිද්ධියට අදාළ මෙම ඩි වි ඩි තැටි පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳැවීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලැකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය සිදු කළේය.