දෙහිවල මුස්ලිම් සුසාන භූමියෙන් පසුගියදා යළි ගොඩගැනුණේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ සිරුර බවට තහවුරු කරගනු වස් ඔහුගේ මවගෙන් ලේ ලබාගෙන ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් කරන බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට අද (22) දැනුම් දුන්නේය.
තාජුඩීන් අභිරහස් ලෙස ඔහුගේ ගිනිගත් රියේ මියගොස් සිටිම සම්බන්ධයෙන් තිස් දෙනකුගේ ප්‍රකාශ ලියා ගත් බවත් ඔහුගේ ඩයලොග් දුරකථනයෙන් තොරතුරු ලබාගැනීමට ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක රහස් පොලිසියට කැඳවාගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඩයලොග් සමාගම පරීක්ෂණයට දෙන සහාය අගය කළ මහේස්ත්‍රාත් නඩුවේදී රහස් පොලිසියට සහාය වන ලෙස ඉල්ලා සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල් තැබිණි.

