තාජුඩීන්ගේ දුරකථනය ආගරපතනෙන් හමුවෙයි


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේදී සොයාගත් බව පොලිසිය කියයි.

2012 වසරේදී නාරාහේ්න්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිය රථය තුළ මිය ගොස් සිටි තාජුඩීන්ගේ ජංගම දුරකථනය සොයා රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ රථය අනතුරට පත්වූ ස්ථානයේ තිබී ජංගම දුරකථනය අහුලාගත් අයකු සතුව තිබියදී එය සොයාගත් බව පොලිසිය පවසයි.

දුරකථනයට අයත් කේත අංකය ඇසුරින් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ආගරපතන පදිංචි අයකු සතුව එය තිබියදී සොයාගැනීමට හැකිවී ඇත. දුරකථනය පරීක්ෂණ සඳහා රහස් පොලිසිය බාරයට ගෙන ඇතැයි කියති.