ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
එම ස්ථානයේ සිටින මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ තාජුඩින්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බවයි.













