කඩුගන්නාව බැලුම්ගල පැවිදි පිංකමට පැමිණී වන්දනාකාරියකගේ රුපියල් 37,000 ක් පමණ වටිනා රන් ආභරණ හොරා ගත්තැයි ත්‍රීරෝද රියදුරෙකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
ක්ෂණික සෝදිසියක් කළ කඩුගන්නාව පොලිසියට එම වන්දනාකරුවන්ගේ ත්‍රිවිල් රථය අසල ගැවසෙමින් සිටි වෙනත් ත්‍රීරෝද රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේ දී එක් අයකු ගැන සැක සිතී දිගින් දිගටම ප්‍රශ්න කිරිමේ දී රන් ආභරණ සොයා ගත හැකි වු බවත් සැකකරු අද (24) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කඩුගන්නාව පොලිසිය කියයි.

