මෑත සමයේ වාර්තාවූ මත්කුඩු ජාවාරම් ආදී නොයෙකුත් සමාජ විෂම ක්‍රියාවන් සඳහා ත්‍රීරෝද රථ හා ඒවායේ රියදුරන් හවුල්කරුවන් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා කියයි.
මේ තත්ත්වයට පිළියමක් ලෙස ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ආචාරධර්ම මාලාවක් හඳුන්වාදීම සුදුසු බව ඒ මහතාගේ අදහසයි.
එවන් ආචාරධර්ම මාලාවක් සකස් කර ඇති ඔහු එය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පිළිගන්වා ඇත.
ත්‍රීරෝද රථ බලපත්‍ර ලබාගැනීම සඳහා වයස අවුරුදු 25 සම්පූර්ණ කළයුතු වීමත්,ත්‍රීරෝද රථ රියදුරන්ගේ මාර්ග විනය සංවර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීමත්,ඔවුන් අත ගැවසෙන මුදල් නිසි ලෙස කලමණාකරණය කරගත යුතුවීමේ වැදගත්කම ගැන ඔවුන් දැනුම්වත් කිරීමෙන් නොයෙක් දුරාචාර ක්‍රියාවන්ට ඔවුන් යොමුවීමෙන් වළක්වා ගැනීමත්,ත්‍රීරෝද රථ පැදවීමටත් අධ්‍යාපන සුදුසුකම් සැපිරීම අනිවාර්ය සුදුසුකමක් කිරීමත් වැනි යෝජනාවන්ද මෙම ආචාරධර්ම මාලාවේ අන්තර්ගතය.
බාල වයස්කාර විවාහයන් සිදුවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකගත හැකි බවද කියන වෛද්‍ය තිලංග සමරසිංහට අනුව මෙම තත්ත්වයද ත්‍රීරෝද රථ පැදවීම රැකියාවක් ලෙස තෝරාගැනීමට වර්තමාන තරුණ පරම්පරාව යොමුකර තිබෙන්නකි.
ෙඑනිසා එවන් විවාහයන් සීමා කිරීමටද පියවර ගතයුතුව ඇතැයිද ඒ මහතා පවසයි.

