ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්


ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

 
ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
 
රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21)   එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
ත්‍රීරෝද රථ නියාමනය කිරීම සිදු කරනුයේ එම  කර්මාන්තය අපහසුතාවයට පත් කරමින් නීති පැනවීම නොවන බවද එය බොහෝ කලක් තිස්සේ ත්‍රිරෝද රථ සංගම්  කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවද අමාත්‍යවරයා පැවසීය.
 
එමෙන්ම ජනතාව තුළ  ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ඇති ආකල්ප වෙනස් කළ යුතු බවත් මෙම කර්මාන්තය කඩා වැටීමට යම් යම් හේතු ඇති නම් ඒවා කඩිනමින්  නිවරදි කර ගත යුතු යැයිද හෙතෙම  පැවසුවේය.
 
මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට  අපේක්ෂා කරන බවද ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් සාදා අවසන් බවද සඳහන් කළේය.
 
ඉදිරි මාසයක් දෙකක් ඇතුළත  මෙම  සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන්  කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 (36698)