ත්‍රීරෝද රථ ගාලක අරාවුලකින් අයෙක් මරුට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලක අරාවුලක් හේතුවෙන්  සිදුවූ ගැටුමකින් පසු රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

ත්‍රීරෝධ රථ ගාලට තරුණයකු අලුතින් රථයක් ඇතුළත් කිරීමට  කටයුතු කිරීම නිසා මෙම ගැටුම ඇති වී ඇතැයි ද එම තරුණයා පහර දීමට ලක්වන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට ගිය පියා මෙසේ රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .

නිට්ටඹුව  පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි