ත්‍රීකුණාමලයේ වැලි කැණීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි


(රංජන් කස්තුරි )

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර අනිද්දා (15) සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම වැලිකැනීම් බලපත්‍ර හෙට සිට මේ මස 28 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ ආරි සිරිවර්ධන මහතා පැවැසීය.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙන අතර එතෙක් බලපත්‍ර සියල්ල තාවකාලිකව අත්හිටුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.