ත්‍රී රෝද - ලොරි අනතුරින් අයෙක් මරුට


(ඩබ්ලිව්. ඒ. පියතිලක / ක.ග.කරුණාරත්න)

මින්නේරිය හිගුරක්ගොඩ මාර්ගයේ  1 කණුව ප‍්‍රදේශයේ  අද(16) ලොරි රථයක් සහ ති‍්‍රරෝද රියක්  එකිනෙක  ගැටීම හෙතුවෙන්  ති‍්‍රරෝද රථ රියදුරු එහි සිටි දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

තුවාලකරුවන් හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා පොලොන්නරුව රෝහලට මාරු කරනු ලැබ සිටිති.

මෙම අනතුර සිදුව ඇත්තේ හිගුරක්ගොඩ සිට මින්නේරිය දෙසට සහල් ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් හා මින්නේරිය ප‍්‍රදේශයේ සිට හිගුරක්ගොඩ දෙසට ගමන් කරමින් තිබු ති‍්‍ර රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුරින් මියගොස් ඇත්තේ නාන්කඩවල  පනිරෙන්ඩාව මාදම්පේ පදිංචි  මද්දුම උන්ඩිගේ  සමන්ත රුවන් (37) නමැති විවාහකයෙකි.

 

 

(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක)

 

(ඡායාරූප - ක.ග.කරුණාරත්න)