ත්‍රි‘මලේ දිසාපති කාර්යාලයේ 5 කට-ප්‍රා:ලේ ට කොරෝනා


 

 (අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් හා දිසාපති කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි  ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ජී එම් කොස්තා මහතා පැවසීය.

ප්‍රාදේශිය ලේකම්වරයා ත්‍රිකුණාමලය  රෝහලටත් පරිපාලන නිලධාරියා කින්නියා රෝහලටත් ඇතුළු කර තිබේ.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමා  ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

 දිසාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයේ පිරිසක් ආසාදිතයින් ලෙස තහවුරුවීම නිසා දිසාපතිවරයා  ද  නිල නිවසතුලම ස්වයං නිරෝධායනයට යොමු කර  ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ආසාදිතයින් හමුවීම  හේතුවෙන් ත්‍රිකුණාමලය  තැපැල්කාර්යාලය ද වසා දමා තිබේ.