
(තිස්ස කොටින්කඩුව)
ජාඇල,නදාන,ඒකල සහ ඒ අවට ප්‍රදේශවල ත්‍රි රෝද රථ සොරකම් කොට විකිණිමේ ජාවාරමක් කරගෙන ගිය සංවිධානාත්මක සොර කල්ලියක් සමග සොරකම්කළ ත්‍රී රෝද රථ 20 ක් සමග අත් අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
මේ වනවිට සිද්ධිය සමිබන්ධයෙන් සැකකරුවන් 06 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ජාඇල, කල්පිටිය, රාගම සහ බෝපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25-38 වයස් සිමාවේ සිටින පුද්ගලයන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සමග අත් අඩංගුවට ත්‍රි රෝද අතරින් ත්‍රි රෝද රථ 11 ප්‍රධාන සැකකරුට අයත් රාගම රථගාලක සඟවා තිබියේදි පොලිසිය බාරයට ගෙන ඇත.
ත්‍රිරෝද 5ක් රාගම, පමුනුගම සහ කල්පිටිය යන ප්‍රදේශවලදි විවිධ පුද්ගලයනට අළෙවි කොට තිබිය දී සොයාගෙන ඇති අතර තවත් ත්‍රි රෝද රථ 4 කල්පිටිය හා රාගම ගරාජ දෙකක විකිණිමට සුදානමි කරමින් සිටියේදි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ සමග සැකකරුවන් සොරකම් සදහා උපයෝගිකර ගත් යතුරුපැදි 10 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.



