ත්‍රිරෝදය හෙළට පෙරළී මවක් මරුට: පහක් රෝහලට


(ප්‍රසාද් රුක්මල්)

කොස්ලන්ද වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලේවෙල ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනකු ෙ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි එච් .පී.. චම්පා නිලන්ති කරුණාරත්න (54) නැමති කාන්තාව මෙසේ මියගිය බවද පොලිසිය කීය.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථය පැදවූ ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශයෙක් කීය .

මොවුන් එකම පවුලක පිරිසක් බවත්, රත්නපුර ප්‍රදේශයේ සිට කොස්ලන්ද ඌවමාවෙලගම හිවල්කදුර ප්‍රදේශයේ නෑදෑ නිවසකට යමින් සිටියදී මෙසේ ත්‍රීරෝද රථය අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .