ත්‍රිරෝද-බස් ගැටීමෙන් කතක් මරුට: 4ක් රෝහලට


(රංජිත් රාජපක්ෂ)

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.

මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ මාර්තුවෙල එරමුල්ල මන්දාරම්නුවර වත්කුඹුරේ ගෙදර කල්‍යාණි ජයසුන්දර නැමති 45 හැවිරිදි කාන්තාවකි.

ඥාතීන් පිරිස එරමුල්ල ප්‍රදේශයේ (21) අලුයම පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කර පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රිකිල්ලගස්කඩ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට එම මාර්ගයේ කටුගස්තොට හුළංවංගුව ප්‍රදේශයේදි මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.