ත්‍රිකුණාමලයේ ප්‍රීමා පිටි කම්හල සහ ඇතුළු වරාය අතර ඇති කන්ද කපා වරායේ කොටසක් මේ දිනවල ගොඩ කැරෙති.
බර යන්ත්‍ර යොදාගනිමින් මෙය සිදුකෙරන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය.
පොලිතීන් මලු සහ නුඩ්ල්ස් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලා දෙකක් ඉඳි කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලබා දී ඇති අවසරයකින් ඒ සඳහා අවශ්‍ය භූමියේ ඉඩකඩ සකසා ගැනීමට මෙසේ කන්ද කපා වරායේ කොටසක්ද ගොඩකරන බව අනාවරණය විය.
මේ හේතුව නිසා ඒ ආශ්‍රිත ජීවත් වන වඳුරන් ,රිළවුන් ආදී සතුන්ගේ වාසස්ථාන අහිමි වීමෙන් එහි සතුන් ගම් වැදී ඇතැයි ද තවද එහි ජීවත් වන හාවුන් , ඉත්තෑවන්,මී මින්නන්,වලි කුකුලන් වැනි සතුන්ගේ ජිවීතවලට හානියක් සිදු වෙතියිද ප්‍රදේශවාසීහු කියති.
මේ බව දැනගැනීමට ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් ටී ටී ආර් ද සිල්වා මහතා පැවසුයේ දුරකතන ඇමැතුම පැහැදිළි නැති නාත් මේ වේලාවේ තමන්ට විශේෂ රැස්වීමකට යාමට ඇති නිසාත් මේ පිළිබඳව පිළිතුරු දීමේ හැකියාවක් නැති බවයි.
ත්‍රිකුණාමල ප්‍රීමා කම්හලේ මානව සම්පත් කළමණාකරුගෙන් සහ සහකාර කළමණාකරුගෙන් මේ පිළිබඳව දැන ගැනීමට කළ උත්සාහයද අසාර්ථක විය.

