ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල (පටහැනි) බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තමා වෙත දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
එම වගන්ති වලින් 12 (අ) වගන්තිය බලාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතුවේ.
එම සංශෝධන පනතට ඇතුළත් 12 අ (2) වගන්තිය බලාත්මක කිරීමට නම් තුනෙන් බහුතර ඡන්දයක් අවශ්‍ය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු වේ.
එම පනතට ඇතුළත් 12 (අ) (7) වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට අනනුකූලවේ.
කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙසේය.
ත්‍රිපුද්ගල මහාධිකරණය ගැන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
Recommended Articles