ත්‍රිපිටක ග්‍රන්ථ ජනපති අතට


සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වීම ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති දවුල්දෙන ඥානීස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් මෙම ග්‍රන්ථ සම්පාදනය කර තිඛෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති බළංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය වෑගම පියරතන, ත්‍රිකුණාමලයේ ආනන්ද යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

web

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය