ත්‍රිකුණාමලයේ කෝවිඩි ඉහළ යයි


(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යැමත් සමග තවත් ග්‍රාමනිලධාරි වසම් හයක් හුදෙකලා කිරිමට කටයුතු කල බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.

මේ අනුව ලිංගනගර්, මඩ්කෝ, කෝවිල්අඩි, චීනවරාය, කවටිකුඩා, සුමේධංකරපුර, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කළ බව දිසාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හුදකලා කල ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව හත දක්වා ඉහල ගොස් තිබේ.මීට පෙර පුම්පුහාර් ග්‍රාමනිලධාරි වසම හුදෙකලා කර තිබුණි.

හුදෙකලා කල ප්‍රදේශවල සංචරණ සීමා වැලැක්විම සදහා පොලිසිය සමග යුධ හමුදාව එම ප්‍රදේශවල යොදවා තිබේ.