ත්‍රිකුණාමලයෙන් කාලතුවක්කු කොටසක් මතුවෙයි


(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අත්තිවාරම් කැපීමේදී ඉපැරණි කාලතුවක්කුවක කොටසක්  අද (15) හමු වු බව වරාය පොලිසිය කියයි.

මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දිමෙන් පසු ඉදිකිරිම් තාවකාලිකව නවත්වනු ලැබ තිබේ.

යටතේ විජිත සමයට අයත් බවට සැකකරන මෙම කාල තුවක්කුවේ දිග අඩි 10ක් පමණ වෙයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසුවේ පොලිසිය කළ දැනුම්දිම අනුව මේ පිළිබදව සොයා බලා කඩිනමින් කැණීම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයට දැනුම් දුන් බවයි.