ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යෝජනාවලිය පිළිගත නොහැකියි - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති පුංචිනිලමේ


අමදෝරු අමරජීව
 
පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කිරිමේ කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති වාර්තාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යොජනාවලිය පිළිගත නොහැකි බවත්  එය පුළුල්ව විමසා බලා ජනවර්ග අතර ගැටුමක් හෝ විරසකයක්  නිර්මාණය නොවන  පරිදි යළි සංශෝධනය විය යුතු  බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.

පළාත් පලාන හා පළාත් සභා  අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා  වෙත  යැවු ලිපියෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාව සිදුකර තිබේ. 

කේ.තවලිංගම්  මහතාගේ සභාපතිත්වයෙන් යුත් පළාත් සභා මැතිවරණ නිර්ණය කමිටුව උතුරු නැගෙනහිර පළාත්වල සුළු ජන කොට්ඨාසයක් වන සිංහල ජනතාව නොසැළකිල්ලට හෙවත් පීඩනයට ලක් කිරිම හෝ එවැනි යෝජනා සකස් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

නොයෙල් තිත්තවැල්ල සීමානිර්ණ කමිටුවේ යෝජනාවට අනුව එතෙක් මුතුර් හා  ත්‍රිකුණාමල දිස්ත්‍රිකක්ය වශයෙන්  ආසන දෙකක්ව තිබු  ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයට  සේරුවිල නමින් තවත් ආසනයක්  එක්වුයේ 1977 සිටය.

එය සිංහල ජනතාවට ලැබුණු සාධාරණ නියෝජනයක් වන අතර යෝජිත පළාත් සභා ආසන බෙදිමේදි 77 තිත්තවැල්ල කමිටුවෙන් ලබාදි ඇති යෝජනාද මෙම කමිටුවෙන් කප්පාදු කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා  පෙන්වා දෙයි. 

කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත්  පළාත් පාලන  සීමා නිර්ණය කමිටුව දිස්ත්‍රික්කයට පැමිණ අදහස් හා යෝජනා ලබා ගත්තද ඔවුන් අවධානය යොමු කර ඇත්තේ  ජනග්‍රහනය හා යෝජිත ආසන පිළිබඳව මිස ජාතින් අනුව ජනග්‍රහන ව්‍යාපෘතිය  නොසළකා බවද ඇමැතිවරයා  යැවු ලිපියේ තවදුරටත් දැක්වේ.