ත්‍රිකුණාමල-ගල්ඔය අතර දුම්රිය ධාවනය නවතී



 
(මහින්ද නිශ්ශංක)

ත්‍රිකුණාමලය සහ ගල්ඔය අතර දුම්රිය ධාවනය කිරිමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇතැයි ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර් රියදුරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා පවසයි.

ඊයේ (20) රාත්‍රී ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු රාත්‍රී තැපැල් දුම්රියට චීනවරාය හා ත්‍රිකුණාමලය අතරදී කාත්තාවක් අසුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් දුම්රිය රියදුරුට සහ දුම්රිය එන්ජිමට පහරදීමට විරෝධය දක්වා වර්ජනය ආරම්භ කර  ඇතැයි ඔහු කියයි.

වර්ජනය නිසා දුම්රිය 5 ක් පමණ අවලංගු කර ඇත.