(පද්මා කුමාරී කංකානම්ගේ )
සිය ජංගම දුරකථනය තුළ, පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විවිධ වීඩියෝ සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිලේඛන ගබඩා කරමින්, වට්ස් ඈප් ගෲප් සමාජ ජාල ඔස්සේ ත්‍රස්තවාදීන් හා සබඳතා පැවැත්වූ බවට සැක සහිත මුස්ලිම් ජාතික පාසැල් ගුරුවරයෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය ලද තොරතුරකට අනුව මෙම පාසැල් ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය, සහ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කල්පිටිය නගරයේ පදිංචිකරුවෙකු වේ.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

