තලේබාන් සටන්කාමීන් සෑම දිසාවකින්ම ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඇතුළු වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තලේබාන් ත්‍රස්තවාදීන්, ශීඝ්‍ර වේගයකින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දෙසට ඇතුළු වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය හෙලිකොප්ටර් යානා කීපයකින් සිය තානාපති කාර්යාලයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් මුදාගැනීමට කටයුතු කර තිබිණි.
“තලේබාන් සංවිධානය සෑම දිසාවකින්ම පැමිණියා” යැයි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
කාබුල් නුවර ස්ථාන ගණනාවකින්ම වෙඩි හඬ ඇසුණු බවත් කෙසේ නමුත් ආරක්ෂක අංශ ජාත්‍යන්තර පාර්ශව සමඟ එක්ව නගරයේ පාලනය පවත්වාගෙන යන බවත් ඇෆ්ගන් ජනාධිපති මන්දිරය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(රොයිටර්)

