ත්‍රස්තයන්ට බලය පවරන්න ඇෆ්ගන් රජය සූදානම්


තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි.
ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්‍රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.

තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය. මේ අතර නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)