තහනමෙන් පසු පළමු තේ තොගය රුසියාවට


(අමල් වික්‍රමරත්න)

රුසියාව විසින් තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව එරටට යැවු මුල්ම තේ තොගය මේවනවිට යවා ඇතැයි තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.

රුසියාවට යැවු තේ තොගයක කුරුමිනියකු සිටී බව කියමින් ශ්‍රී ලංකාවෙන් එරටට යවනු ලබන තේ ගමිලට ගැනීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් කරන ලද සාකච්ඡා වලින් අනතුරුව යලි රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ මිලට ගැනීමට කැමැත්ත පලකර තිබේ.

තේ කර්මාන්තයේ යෙදෙන පිරිස්වලට හොද මිලක් ලබා ගැනීමට මේ අනුව හැකිවෙතැයි සභාපතිවරයා සදහන් කරයි.