(ජයන්ත වාසුලසේන)
හුරුළුවැවේ තහනම්දැල් භාවිතාකරමින් මාළු ඇල්ලු ධිවරයන් තිදෙනෙකු තහනම්දැල් 12 ක් සමඟ ජලජීවි වගා ව්‍යාප්ති නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අද (13) හුරුළුවැවේ සිදුකල මෙහෙයුමකදි මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනිමට හැකිවි ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යකල්ල, පඩිකාරමඩුව සහ හල්මිල්ලවැව යන ගම්මානවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.ඔවුන් තිදෙනාට කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට කටයුතුකර ඇතිබව වැටලීම සිදුකල ජලජීවි වගා ව්‍යාප්ති නිලධාරින් සඳහන් කරයි.
හුරුළුවැව ජලජිවි වගා ව්‍යාප්ති නිළධාරි එච්. ජි. බාසුර, නාච්චාදුව්ව ජලජිවි වගා ව්‍යාප්ති නිලධාරි එම්. එම්. රත්නායක මහතා සහා රාජාංගනය ජලජිවි වගා ව්‍යාප්ති නිලධාරි එච් . පි. බස්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම වැටලිම සිදුකර ඇත.

