තහනම් වල් නාශක සමග අයෙක් මාට්ටු


(නිමන්ති රණසිංහ )
 අගුණකොළපැලැස්ස නගරයේ වෙළදසැල් දෙකක අලෙවිය සඳහා ගබඩා කර තිබූ තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක් සමග සැකකරුවෙක් සහ සැකකාරියක්  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 58ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 53ක් වන කාන්තාවකි.

තංගල්ල නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ.පියතිලක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළහ.