අනීෂා මානගේ
තහනම් වල් නාශකයක් වන ග්ලයිපෝසේට් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කදවුරේ නිලධාරින් අද (03) රන්න නගරයේ වෙළදසැලක තිබී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් උපාය දූතයෙකු යොදවා මෙම වෙළදසැලෙන් තහනම් වල් නාශක මිළදීගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
වෙළදසැලේ අලෙවි කිරීම සඳහා ලේබල් නොමැතිව අසුරා තිබූ ග්ලයිපෝසේට් ලීටරයේ බෝතල් දොළහක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.පරික්ෂණ වලදී සොයාගෙන ඇත්තේ වෙළදසැල සඳහා ලියාපදිංචි බලපත්‍රයක්ද නොමැති බවයි. තවද එහි භාණ්ඩ අලෙවි කිරීම සඳහා සිටි සේවිකාවට ඒ සඳහා පුහුණු සහතිකයක්ද තිබී නොමැත.




