තහනම් භාණ්ඩ තොගයක් චීනයට ගෙන යන්න හැදු කතක් රේගුවේදී අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ විදේශයන් වෙත රැගෙන යෑමට තහනම් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා ගෙන යෑමට සූදානම් වු චීන ජාතික  මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්  අත් අඩංගුවට ගෙන තිබේ.

                  
චීනයේ කුංමිං බලා පිටත්ව යන චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 714 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු වල කිලෝ ග්රෑම් 07 යි ග්රෑම් 400 ක් බර කොතළ හිඹුටු කැබලි , කිලෝ ග්රෑම් 03 ක් බර කළුවර ලී සහ කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 700 ක් බර කැබැල්ලා පොතු තොගයක් ද සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි . මේවායේ මුළු වටිනාකම රුපියල් 8,98,200 ක් බව රේගුව සදහන් කරයි.

එහිදී මෙම භාණ්ඩ තොගය රාජසන්තක කර , මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ