තහනම් භණ්ඩ තොගයක් කළුතර බන්ධනාගාරයට


(නිමන්ති රණසිංහ)

කඵතර බන්ධනාගාරයට පිටතින් විසි කළ පාර්සලක තිබී දුරකතන 04 ක්, ජංගම දුරකතන චාජරයක් සහ දුම්කොළ 25 ක් සිය බාරයට ගත් බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත‍්‍ර සේවා නිලධාරීන්  කළ සෝදිසියක දී මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය

මෙලෙස අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත බාරදීමට කටයුතු කර ඇති බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.