(වසන්ත චන්ද්‍රපාල)
ලංකාවේ විකිණීමට තහනම් කර ඇති නිති විරෝධි ඇපල් වර්ගයේ ට‍්‍රමඩෝල් නැමැති බෙහෙත් පෙති තොගයක් සමග සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.
මහනුවර සිට අම්පාර දක්වා ධාවනය වු බස් රථයකට නුවරදි ලබාදුන් පාර්සලයක් පිළිබදව සැක සිතුණු බස්රථයේ කොන්දොස්තර එය පරික්ෂා කර බලා එහි ඇපල් වර්ගයේ බෙහෙත් පෙති වර්ගයක් දැක අම්පාර බස් නැවතුම්පළේ පොලිස් නිලධාරින්ට එය භාරදි එය අම්පාරෙන් ගැනිමට පැමිණි පුද්ගලයා ද අත් අඩංගුවට ගැනිමට සහාය වී ඇත.

