තහනම් පොලිතීන් වැටලීම් 181 ක්


 
 
විනීතා එම් ගමගේ                                            

           
තහනම් පොලීතින් නිපදවූ අලෙවි කළ හා ළඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු මේ වසරේ මුල් මාස පහේ දී නීතියේ රැහැනට අසු කර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව ඇත. 


එම මාස හයේ දී සිදුකළ වැටලීම් 2738 කින් මෙම පිරිස අල්ලා ගැනීමට හැකි වී යැයි මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක්  පැවැසීය. 


පොලීතින් නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයින් දෙදෙනෙකු ද මෙම වැටලීම් වල දී කොටු වූ බවත් ඔවුන්ගේ නිෂ්පාදනාගාර මුද්‍රා තැබීමට තීරණය වු බවත් හෙතෙම කියා සිටියේය.


එමෙන්ම තහනම් පොලීතින්  නිෂ්පාදනයක් වන පරිසරයට හානිදායක ලන්ච්ෂීට් තොග වශයෙන් නිපදවන රාගම, තේවත්ත ප‍්‍රදේශයේ  පිහිටි කම්හලක් ද මුද්‍රා තැබූ විමර්ශන  නිලධාරිහු එම කම්හල් හිමිකරුට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය. 


කෙසේ වෙතත් තහනම් පොලීතින් බැහැර කරමින් පරිසර හිතකාමී පොලීතින් නිපදවීමට බොහෝ නිෂ්පාදකයින් මේ වන විට පෙළඹී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.