විනීතා එම් ගමගේ
තහනම් පොලිතින් නිපදවූ නිශ්පාදකයින් 10ක් නීතියේ රැහැනට හසු කරගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
පොලිතින් තහනම තදින් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වූ ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා සිදුකළ හදිසි වැටලීම් 146 කින් පසු මෙම 10දෙනා අල්ලා ගත් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා ලංකාදීපයට පැවැසීය.
කොළඹ දිස්ත‍්‍රික්කයේ වැටලීම් වලින් ස්ථාන දෙකක් ද , ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැටලීම් වලින් ස්ථාන තුනක්ද, උතුරු පළාතේ වැටලීම් වලින් ස්ථාන පහක් ද මෙලෙස තහනම් පොලිතීන් නිෂ්පාදකයින් ලෙසින් හඳුනා ගන්නා ලද බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම වැටලීම් ඉදිරියේදී තවදුරටත් පුළුල් කරමින් ක‍්‍රියාත්මක කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා තවදුරටත් ප‍්‍රකාශ කළේය.
පසුගිය සතිය පුරා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත‍්‍රික් කාර්යාල මඟින් පොලිතීන් නිෂ්පාදන ආයතනයන් වැටලීම් කටයුතු ආරම්භ කළ අතර බහුතරයක් ව්‍යාපාරිකයින් පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදනයන්ට පෙළඹී තිබීම යහපත් ප‍්‍රවණතාවක් ලෙසින් ද හඳුනා ගත හැකි වූ බව ද ඔහු සඳහන් කළේය.


